පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරළියට

pasku

නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මේ වන විට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, ව්‍රශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

2016 වසරේදී බිහි වන සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම අන්තවාදයට ඇදදමමින් ඔවුන්ගේ මනස මරාගෙන මැරෙන පුද්ගලයකු දක්වා ගෙනඒම සිදු කර ඇත්තේ නවුෆර් මවුලවි සහ ඉජ්ජාන් අහමඩ් යන සැකකරුවන් දෙදෙනා බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව ද ඇමැතිවරයා අවධාරණය ක‍ෙළ්ය.

මේ වන විටත් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ  පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

අන්තවාදය ප්‍රවර්ධනය කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදයට යොමු කිරීමට අදාළ නවුෆර් මවුලවි කටයුතු කර ඇති බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් පුද්ගලයන් 32කට දැනටමත් නඩු පවරා ඇතැයිද පැවසීය.

 

Related posts