අධික වේගයෙන් දාවනය වු කැබ් රථයකට මගියෙකු යටවෙයි

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට හැටන් නගරය දක්වා අධීක වේගයෙන් ධෘවනය වු කැබ් රථයකට යටවි ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් මගියෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිට හැටන් නගර මධ්‍යයයේ ප්‍රධාන මාර්ගය අසලදිය.

හැටන් ටෙලිකොම් කාර්යාලයේ සිට නගරය දක්වා අධීක වේගයෙන් ධාවනය වන කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස ගමන් ගන්නා මගියෙකුගේ ඇගේ ගැටි කැබ් රථය පදික වේදිකාවේ යකඩ වැටේ ගැටි කැබ් රථය නතර වි ඇත.

අනතුරින් තුවාල ලැබු මගියා 1990 සුවසැරිය ගිලන් රථය මගින් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර,අනතුරින් කැබ් රථයටද දැඩි අලාභහානි සිදු වි ඇත.

අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂන පවත්වයි.

 

Related posts