පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !

police

බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ  තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි.

දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි.

මේ ප්‍රදේශයේ භූමි ප්‍රදේශය අනුව ජනතාවට පොලිසියෙන් ඉටුවිය යුතු රාජකාරි කර ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ඒ් නිසා අතරමැද මේ වගේ පොලිස් ස්ථාන බිහිකළ බව ඔහු පෙන්වා දෙයි.

මෙම ප්‍රදේශවල වැලි පැටවීම, ගස් කැපීම, පස් කැපීම  ගැන ජනතාව සමග කතා කළ බවත්  අපේ රටේ පරිසරය ආරක්ෂා කළ යුතු අතර පරිසරය ආරක්ෂා කලේ නැත්නම්  මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැති නමුත් මෙම කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

එවැනි නීති විරෝධි ක්‍රියා මිනිස්සුන් සිදු කරන්නේ රස්සාවල් නැති නිසා බව ප්‍රදේශවාසින් පැවසු බවත් රජයක් ලෙස නීතිවිරෝධී මෙම කටයුතු කරන  රස්සාවල් නොමැති පුද්ගලයන් හට විකල්ප රැකියා ලබා දීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

ඔහු මේ බව පැවසුයේ අයියන්කන්කුලමි නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරැවය.

ශානිකා

Related posts