පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් නිවෙස් තුළ නිරෝධායනය වන පවුල් 242කට  රජය විසින් ලබා දීමට තීන්දු කළ සහනාධාර මල්ලක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතයේ බලපෑම පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ දිසාපතිවරයා මෙසේ ද පැවසීය.

” රජය විසින් තීන්දු කරලා තියෙනවා කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩා විදින විශේෂයෙන් ම නිවෙස් තුළ නිරෝධායනය කළ පවුල්වලට රුපියල් 10 000ක සහනාධාර මල්ලක් ලබා දෙන්න.දැන් අපි ඒ කාර්යය ආරම්භ කරලා තියෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාළනය කරන්න සෞඛ්‍ය අංශ කටයුතු කරමින් ඉන්නවා.අපේ දිස්ත්‍රික්කය තුළින් ආසාධිතයන් 02යි හමු වුණේ.ඒ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කරලා තියෙනවා පවුල් 242ක්.ඒ අය වෙනුවෙන් අපි මේ සුභසාධන කාර්යය ආරම්භ කර තිබෙනවා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts