ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ

පොලොන්නරුව ඓතිහාසික නයි පෙන විහාරයේ බැම්ම හා අවශේෂ ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් සිමෙන්ති යොදා  අවිධිමත් ලෙස සංරක්ෂණය කර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිගත් නියමයන්ට පටහැනිව සිමෙන්ති යොදා මෙසේ අවිධිමත් ලෙස සංරක්ෂණය කිරීමෙන් එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට හානි සිදු විය හැකි බවත් නයි පෙන විහාරයේ පෙනුම අවලස්සන වී ඇති බවත් ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

මේ පිළිබඳව පොලොන්නරුව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජයතිලක මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“නයි පෙන විහාරයේ බැමිවල කුස්තූර පෑදිලා බැමිවල ගඩොල් ගැලවෙන මට්ටමට ඇවිත් තිබුණ නිසා ඒ ස්ථාන පිළිසකර කරන්න මම උපදෙස් දුන්නා.

නමුත් කුස්තූර පුරවන්න ගිහින් සිමෙන්ති තට්‍ටුවක් අතුරලා සුද මැදලා තියෙනවා.ඒ නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ.මම උපදෙස් දුන්නා මෙය නිවැරදි ක්‍රමයට සංරක්ෂණය කරන්න කියලා.” යැයි  ඒ මහතා පැවසීය.

පින්තූරවල දැක්වෙන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙ උපදෙස් පරිදි අවිධිමත් ලෙස සංරක්ෂණය කර ඇති නයි පෙන විහාරයේ ස්ථාන කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts