සමන්‍ය පෙළ විභාගයට සුදානමින්

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමන ලද 2020 සමන්‍ය පෙළ විභාගය 01වන දින සිට ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇත.

එම තිරණය මත 01වන දින මෙම විභාගය ආරම්භවු අතර මෙසේ මෙම විභාගය ආරම්භ කිරිමට රජය මගින් ගන්නා ලද තිරණය එම විභාගය සදහා පෙනි සිටින සිසු දරුවන්ගේ දෙමාපියන්ගේ පැසසුමටද ලක් විය.

මේ පිලිබදව අදහස් දැක්වු එම දෙමාපියන් පිරිසක් පවසන ලද්දේ මෙම කොවිඩ් වසංගත තත්වයන් හමුවේ වුවද තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරේහි රජය මගින් දැඩි අවදානයක් යොමු කර මෙම විභාගය මෙසේ පැවැත්විමට පියවර ගැනිම ඉතා හොද දෙයක් බවත්ය.

මෙම විභාගය සදහා පැමින සිටි සිසු දරුවන් මුඛ ආවරණ පැලැද විභාග මධ්‍යස්ථාන වෙත පැමින සිටි ආකාරයක්ද දක්නට ලැබිනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts