අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්

ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි.

ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන ලද්දේ ඉන්දියාවේ අදානි සමාගමට එරෙහිව එහි සුලු ගොවින් විසින් මාස දෙකක පමන කාලයක් උද්ගෝෂන පවත්වන බවත් එයට සහාය වශයෙන් මෙම උද්ගෝෂනය පවත්වන බවත්ය.

එමෙන්ම මෙම අදානි සමාගම මේ වන විට ලංකාවේ කොළඹ නැගෙනහිර ජැටිය ලබා ගැනිමට උත්සහා කරන බවත් එයට අමතරව ලංකාවේ තවත් තේවතු සමාගමක්ද ගැනිමට සුදානම් බවත් එවන් ගැනිමක් සිදු වුවහොත් ඉංදියාවේ ගොවින්ට මෙන්ම ලංකාවේ වතු කම්කරුවන්ටද විශාල ප්‍රශ්නවලට මුහුණ දිමට සිදුවන බවත් එම තත්වයන් මත මෙම අදානි සමාගමට ලංකාවේ දේපල ලබා දිමට තමන් විරෝධය පල කරන බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මෙහිදි අදහස් දැක්වු සි. එස්. සි. ලෝයල් ආයතනයේ අධ්‍යක්ෂ ඒ. ප්‍රේම්කුමාර් මහතා අද මේ අදානි සමාගම හේතුවෙන් ඉන්දියාවේ ගොවින් දැඩි ප්‍රශ්නවලට මුහුන දිලා තියෙන්නේ මෙම ගොවින් රැක ගැනිමට සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි.

මේ ගොවින් නැතිනම් ජනතාවට කන්න ලැබෙන්නේ නැහැ එමෙන්ම මේ අදානි සමාගම ලංකාවේ තේ වතු සමාගම්ද මිලට ගැනිමට සුදානම් බවට රාවයක් පවතිනවා එසේ වුනෝත් මෙහි කම්කරුවන්ටත් දෙවියන්ගේ පිහිටයි එමනිසා මෙයට අපි දැඩි විරුද්දත්වයක් පල කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts