8000 කට ආසන්න පිරිසක් නිරෝධායනයට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.

මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බව සදහන්.

Related posts

Leave a Comment