මරංචි සමන්තගේ නිවස අසලින් ත්‍රී-එයිට් වර්ගයේ රිවෝල්වරක් සොයා ගනියි

pistal

විදේශිය නිෂ්පාදිත ත්‍රී-එයිට් (3.8) වර්ගයේ රිවෝල්වරක් හා මිලිමීටර් නමය ස්වයංක්‍රීය පිස්තෝලයට යොදන ජීව පතුරම් දෙකක් මරංචි සමන්ත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා තිබියදි තිරප්පනය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්  සොයා ගෙන තිබේ.

තිරප්පනය සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ නිවසක පිටුපස අපරාධයකට යොදා ගෙන පසුව සැගවු පිස්තෝලයක් වලදමා තිබෙනා බවට තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එහි ගොස් අවිය සොයාගෙන තිබුණි.

රිවෝල්වරය සොයා ගත්තත් මරංචි සමන්ත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා එම අවස්ථාවේ නිවසේ සිට නැති අතර ඔහු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසුවේය.

නිවස හා ගෙවත්ත පරික්ෂා කරද්දි පොලිස් කණ්ඩායමට නිවසේ පිටුපස ජම්බු ගසක් ආසන්නයේ කුණු දැමූ පැරණි විල්බෑරෝ තැටියක් තිබෙන අයුරු නිරික්ෂණයවී එය ඉවත්කළ අවස්ථාවේ ඊට යටින් අඩි දෙකක් පමණ වලක් හාරා වලදමා තිබූ රිවෝල්වරය හා ජීව උණ්ඩ දෙක හමුව තිබේ.එය ඉටි උරයක දමා විනිවිද පෙනෙන ප්ලාස්ටික් භාජනයක සුරක්ෂිතව බහා තිබු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මිලිමීටර් 3.8 වර්ගයේ රිවෝල්වරයට මිලිමීටර් නමය වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයට යොදන පතුරම් බහා තිබු බව පවසන පොලිසිය රිවෝල්වරය ලිහිසි තෙල් ගල්වා තිබු බව පවසයි.රිවෝල්වරයේ කැලිබරයට පතුරම් දෙකක් ඇතුල් කර තිබිම සම්බන්ධයෙන් සැකමතුව තිබෙනා බව පවසන පොලිසිය කැලිබරයේ ඉතිරි කුටීර වලට ගබඩා කරන පතුරම් භාවිතා කර ඇත්ද යන්න පිළිබදව සැකමතුවි තිබේ.

විදේශිය නිෂ්පාදිත රිවෝල්වරයා සැකකරුවන් මෙරටදි වෙනස් කර ඇති බවට සැකකරන බවත් එහි මිට කැඩියාමෙන් පසුව සකසා තිබෙන බවත් පොලිසිය පවසයි.සැකකරුගේ නිවස පරික්ෂා කරන විට ඔහුගේ බිරිද ලේලිය හා තවත් දරුවෙකු සිටි බවත් අවිය කිසියම් පුද්ගලයෙකු සිය සැමියා අපරාධයකට අසුකිරීමට නිවස පිටුපස වලදමන්න ඇති බවටත් බිරිය පොලිසියට පවසා තිබේ.

එහෙත් එම අවිය ඉතා ආරක්ෂිතව වලදමා තිබු බව පවසන පොලිසිය එහි හිමිකරු සැකකාර මරංචි සමන්ත බව පවසයි.ඔහු මීට පෙර උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මකවූ දිසා වැටලිම් ඒකකයේ නිලධාරින් වැටලීමකට ගිය අවස්ථාවේ එහි නිලධාරින්ට පහරදීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු බවද පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්මත තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම් අයි.බී රත්නායක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමරකෝන් උප පොලිස් පරික්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරින් පිරිසක් රිවෝල්වරය අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts