සහල් මෝලක් ගිනි ගනියි

වී වියලීම සදහා භාවිතා කරන උදුණක හදිසියේ ඇතිවු ගින්නක් හේතුවෙන් නොච්චියාගම පිහිටි මහ පරිමාණ සහල් මෝලකට රුපියල් ලක්ෂ පනහකට අධික බරපතල අලාභ හානියක් සිදුවි ඇති බව නොච්චියාගම පොලිසිය පවසයි.

නොච්චියාගම 38 කණුව සිංහාරගම පිහිටි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ හදිසියේම ගින්න ඇතිවි තිබෙනා අතර නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එහි පැමිණ පැය හතරක පමණ මෙහෙයුමකින් පසුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ ගින්න පැතිරීම මුළුමනින්ම මැඩ පැවත්වීමට කටයුතු කර තිබුණි.

මහපරිමාන සහල් සැකසුම් මධ්‍යස්ථානයේ පිහිටි වී වියලීමට භාවිතා කරන ඩ්‍රයර් උදුනක හදිසි ගින්න ඇතිවි තිබෙනා අතර එම අවස්ථාවේ වී කිලෝග්‍රෑම් පනස් දහසක ප්‍රමාණයක් වියලමින් තිබි ඇති බව පොලිසිය පවසයි.එම උදුන විදුලිය හා දහයියා භාවිතයෙන් ක්‍රියාකරනා අතර එක්වරම උදුනෙන් ගිනි මතුවීම නිසා අළුයම සේවයේ නිරතවු සේවකයන් හටගෙන තිබු ගින්න සහල් සැකසුම් මධ්‍යස්ථානය පුරා පැතිරියාම වැලක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගිනියම්ව තිබු විශාල උදුණට සේවකයන් ජල ප්‍රහාර එල්ලකරමින් එය සිසිල් කර තිබෙනා අතර එම කාලය තුළදි පොලිසිය හා ගිනි නිවන ඒකකය කැදව ගින්න මැඩපැවත්වා ගැනීමට ආයතන පරිපාලනය කටයුතු කර තිබුණි.

ගින් මැඩපැවත්වීම නොහැකිවූයේ නම් සහල් සැකසුම් මධ්‍යස්ථානය මුළුමනින්ම විනාශවි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ හිමිකරුටම අයත් සහල් සැකසුම් මධ්‍යස්ථානය ආසන්නයේම පිහිටි ඉන්දන පිරවුම් හල ප්‍රදේශයටත් ගින්න පැතිරිමේ අවධානමක් ඇතිවීමට ඉඩ තිබු බව පොලිසිය පවසයි.

ගින්න හේතුවෙන් තැම්බිමෙන් පසුව වියළු වී කිලෝග්‍රෑම් විසි දහසක්වත් විනාශ වන්නට ඇති බවට සැකකරනා පොලිසිය ආයතයේ දේපළ ඇතුළු සෙසු අලාභය රුපියල් ලක්ෂ පනහකට අධික වියහැකි බව පවසයි.

ගින්නට හේතුව උදුනේ තාක්ෂණික දෝෂයක් වියහැකි බවට පොලිසිය සැකකරන අතර ගින්න නිසා දේපළ අලාභ හානි සිදුවුවත් පුද්ගලයන්ට කිසිදු හානීයක් සිදුව නැති බව පවසයි.

නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts