අඹගමුවට රිලා කරදර

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජිවත් වන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, දාගම්පිටිය, ඇල්ල උඩ, හොරකඩ, පේරගොල්ල, වැනි ගම්මානවල මෙම රිලා උවදුර වැඩි වශයෙන් පවතින බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ප්‍රදේශවල පිරිස් පවසනුයේ තම ප්‍රදේශවල සැරි සරන රිලා රංචු පිටින් පැමින තම ගෙවතු වගාවන් විනාශ කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තම ගෙවතුවල වගා කරන වගාවන් මෙම රිලා රංචු විසින් විනාශ කිරිමත් සමග තමන්ට දැඩි ලෙස ආර්ථික වශයෙන් පාඩු සිදුවන බවත් මෙම තත්වයන් මත තමන්ට ගෙවතු වගාවන් එපාවි ඇති බවද එම ගම්මානවල පිරිසක් පවසති.

සමහර අවස්ථාවලදි මෙම රිලවුන් තම නිවාස තුලටද රිංගා නිවාසවල තිබෙන දොර ජනෙල් රෙදි පවා විනාස කරන බවත් තවත් සමහර අවස්ථාවලදි තම නිවාසවල කුස්සි තුල තිබෙන බත් වැංජන හට්ටි පිටින් ඔසවාගෙන යන බවද එම පිරිස් පවසති.

මෙවැනි තත්වයන් මත මෙම ප්‍රදේශතුල සැරි සරන රිලවුන්ගෙන් තමන්ට දැඩි ප්‍රිඩාකාරි තත්වයන් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු කර මෙම රිලවුන් අල්ලා වෙනත් කැලැ බද ප්‍රදේශයකට මුදා හැරිමට කටයුතු කරන්නේ නම් එය තමන්ට සිදු කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts