හෙට ගමනාගමනය සීමා වෙයි

හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00 දක්වා ගමනා ගමනය සීමා කර තිබෙනවා

සෑම මංසන්ධියක ඇති රථවාහන පුවරු නීති පිළිපදින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිත මාර්ගයේ පොලිස් යතුරු පැදි සංචාර සිදු කිරිමට නියමිතයි

Related posts