සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් ආසාදිතයන් දැඩි අර්බුදයක

sapugaskanda

කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

පසුගිය 19 වනදා කළ PCR පරීක්ෂණ 1,100 ක් අතුරින් අදාළ පිරිස හඳුනා ගෙන ඇත.

වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුවේ.

එබැවින් වෙනදාට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරි පහදුවේ කටයුතුවල දෛනිකව නියලෙන තත්වයක් තුළ මෙම රෝගීන් වාර්තාවීම සිදුවී ඇත.

කළමණාකාරිත්වයේ කිසියම් අතපසුවීමක්, සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් මෙම කොරෝනා ව්‍යාප්තියට බලපා ඇත්දැයි සොයා බැලීම මෙම කමිටුවේ කාර්යභාරයයි.

Related posts