කෙසෙල් ගසින් කඩදාසි නිර්මාණය කරන විද්‍යා ගුරුතුමා

kesel

කෙසෙල් කියන්නේ රසවත් පළතුරක් කෙසෙල් ගෙඩි ඉදුණු පසු ආහාරය ගන්නවා සේම කෙසෙල් මුව භාවිතා කරමින්ද විවිධ ව්‍යංජන සාදනු ලබනවා. බොහෝ විට සිදු කරනු ලබන්නේ කෙසේ ගසෙන් කෙසෙල් කැන ලබා ගෙන ගස කපා ඉවත් කිරිමයි.

නමුත් එලෙස ඉවත් කරන කෙසෙල් කදින් වටිනා ප්‍රයෝජන රාශියක් ලබා ගත හැකි බව දන්වාද. මේ කටයුත්ත සදහා මුලිකත්තව ගනු ලබන්නේ විශ්‍රාමික විද්‍යා ගුරුවරයෙකු වන ෆොන්සේකා මහතා වේ. මෙතුමන් තමන් සතු විද්‍යා දැනුම විවිධ ප්‍රයෝජනවත් දේ සදහා යොදා ගැනීමට කැමැත්ත දැක්වු ගුරුවරයෙක් බව කිව යුතුය.

ජිවිතයේ සැදෑ සමය මේ වනවිට නිදහසේ ගෙවමින් ඉන්නා කාලයේ මෙතුමන් තමන්ගේ විද්‍යා දැනුම ප්‍රයෝජනයට ගනිමින් අපුරු වැඩක් සිදු කිරිමට මුල පුරනු ලබනවා. අපතේ යන යම් දේයකින් යම් ප්‍රයෝජනයක් ගත හැකි බවට ඔහුගේ මෙම නිර්මාණයන් කදිම උදාහරණයකි.

එතුමන් විසින් ඇඹිලිපිටියේ ගොවි ආර්ථීකය තවත් ඔසවා තබන්නට මෙම ක්‍රියාවලිය මහත් උපකාරි විය. මෙතුමාණන් විසින් සිදු කරනු ලබන්නේ කෙසෙල් කැන ලබා ගත් පසු ඉවත දමන කෙසෙල් ගසින් අපුරු නිමැවුමක් සිදු කරන ලදී. ඒ අනුව එතුමන් විසින් කෙසෙල් ගස යොදා ගනිමින් කඩදාසි නිපදවීමට සමත් වනවා.

එම කෙසෙල් යොදා ගෙන කඩදාසි නිපදවනවාට අමතරව ෆයිල් කවර, සිලීන් ෂීට්, විවිධ කාඩ් වර්ග මෙන්ම පාටීෂන් බෝර්ඩ් වර්ගද නිපදවන්නට මෙතුමන් සමත් වනවා. එම අත්හදා බැලීම් සාර්ථක වු බව මෙතුමන් පවසයි. රටේ සම්පත් වලින් වටිනා ප්‍රයෝජනයක් ගත හැකි බවත් ඉන් රටේ ආර්ථිකයට හොද වටිනාකමක් ලබා දිය හැකි බව මොහුගේ මෙම අත්හදා බැලීම හොද ආදර්ශයක්.

මෙතුමන් විසින් අපතේ යන මෙම කෙසෙල් යොදා ගෙන සිදු කරන කඩදාසි නිෂ්පාදනය තම නිවසේ සිටම සිදු කරනු ලබයි. මෙවැනි නව නිෂ්පාදනයන් සදහා ජත්‍යන්තරයේ හොද ඉල්ලුමක් පවති. මෙවැනි ඉල්ලුම සහිත වටිනා නිෂ්පාදනයන් අපේ රට තුළ මේ ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ නම් එයින් හොද විදේශ විනිමයක් අපිට ලබා ගැනමට හැකි වේ.

එම ගුරුතුමා සම්බන්ද කර ගැනීමට –  0719068701

Related posts