දකුණු ආසියාවෙි දෙවන වයස්ගතම කාන්තාව මියයයි

දකුණු ආසියාවෙි දෙවන වයස්ගතම කාන්තාව වූ වෙිලු පාප්පානි මාතාව ඊයේ( 29) සවස කළුතර නාගොඩ මහ රෝහලේදී මරණයට පත්විය. මිය යන විට ඇගේ වයස අවුරුදු 117 මාස 07 යි දින 27 කි.

දොඩන්ගොඩ, ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජීවත්වු ඇය දෙදරු මවකි. ඇය උපත ලබා ඇත්තේ 1903 වර්ෂයේ මැයි මස තුන් වනදාය.

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව වෙනුවෙන් පසුගිය මාසයේදී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා නව නිවසක්ද තනා ඇයට ලබා දී තිබිණි.

අසනීප තත්වයෙන් යුතුව ඊයේ (29) උදේ කළුතර නාගොඩ රෝහලට ඇතුලත්කර ප්‍රථිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Related posts