සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි

සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන්  මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි .

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය සංචාරක පොලිසියේ සේවා පිළිබඳව සොයා බැලීමට පැමිණ තිබිණි, ඒ අනුව සංචාරක පොලිස් ස්ථානය පිළිබඳව සොයා බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සීගිරිය ඇතුලත සිංහපාදය ආසන්නයට ගමන් කොට ඇත්තේ එහි නිරීක්ෂණ කටයුතු සඳහා ය.

Related posts

Leave a Comment