රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමක් පෙන්නුම් කරන බවත් එමෙන්ම එසේ සහභාගිවීම මගින් සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ආයතන සංග‍්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව පෙන්වා දෙන රෝශණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරියෙකුෙද මාණ්ඩලික නිලධාරින් ගණයට වැටෙන බවයි. මධ්‍යස්ථව සිටිය යුතු මාණ්ඩලික ශ්‍රේණියේ සේවාවලට අදාළ රජයේ වෘත්තිය සමිති නායකයෙක් මේ ආකාරයට දේශපාලන ක‍්‍රියාවලියට අවතීරණය වීමෙන් අනෙකුත් මාණ්ඩලික නිලධාරි සංගම් ද මෙසේ දේශපාලන ක‍්‍රියාවලියට අවතීර්ණ විය හැකි යැයි ද එයින් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණවලට බලපෑම් එල්ල විය හැකි යැයි ද ඔහු තම ලිපියෙන් පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය මෙරට නිදහස් මැතිවරණවලට බරපතල අභියෝගයක් එල්ල කළ හැකි බවත් මාණ්ඩලික නිලධාරින් ගේ වෘත්තිය සමිති දේශපාලන කි‍්‍රයාවන්හි යෙදීම ආරම්භයේ දීම වැළැක්වීමට ක‍්‍රියා නොකළහොත් අනාගතයේ මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වන බවත් හෙතෙම දන්වා තිබේ. පැෆරල් සංවිධානය මගින් යොමුකල ලිපිය පහත දැක්වේ.

Similar Posts