ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී වත්මන් හමුදාපති හා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගනිමින් පළකරන ලද දැන්වීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ එම දැන්වීම පළ කිරීම අප නොදන්නා බවයි.

එය තවදුරටත් තහවුරු කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළෙිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේද එම දැන්වීම පළ කරීමට කටයුතු කළේ කවුරුන්ද යන්න නොදන්නා බවත් එය පොදු ජන පෙරමුණ මගින් කරන ලද්දක් නොවන බවත්ය.

මෙහිදී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාද ප්‍රකාශ කලේ එය පොදු ජන පෙරමුණ මගින් සිදු කරන ලද්දක් නොවන බවයි. පොදු ජන පෙරමුණට එවන් දේවල් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, යුධ ජයග්‍රහණය පිළිබඳ රටේ ජනතාව දන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අනුව පොදු ජන පෙරමුණේ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වත්මන් හමුදාපතිවරයා හා විශ්‍රාමික හමුදාපතිවරු යොදා ගනිමින් පළ කල දැන්වීමටද අයිතිකරුවකු නොමැති තත්වයක් උද්ගත වී ඇත.

Similar Posts