මේ වසර නිමවීට පෙර රට පුරා දුෂ්කර පාසල් දෙසිය පනහක වැසිකිළි, කැසිකිළි පහසුකම් සපුරා එම පාසල් වලට ජලය හා විදුලිය ලබා දිමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් , ප්‍රාථමික අධ්‍යාපන , පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය.

පාසල් දරුවන්ගේ දිවා ආහාරවේල වෙනුවෙන් පොෂ්‍යදායී වියළි ආහාර මල්ලක් ලබාදිම වෙනුවෙන් බේරුවල, දේවමිත්ත විද්‍යාලයේදී  පැවති උත්සවයේදී පියල් නිශාන්ත මහතා මෙසේද කිවේය.

රටේ ඇතැම් දිස්ත්‍රික්කවලින් පසුගිය කාලයේ අධ්‍යාපන ඇමතිලා, මැති – ඇමතිලා බිහිවුණත් පාසල්වලට වැසිකිළියක්, කැසිකිළියක් නෑ, දරුවන්ට බොන්න වතුර ටිකක්නෑ. විදුලිය නෑ කියල ජනතාව චෝදනා කළා.අපි මේ තත්වය වෙනස් කරනවා.

ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කළේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කළේ එම වෙනස බලාපොරොත්තුවෙනුයි.

රටේ සෑම දිස්ත්‍රික්කයටම අධ්‍යාපනයේ යටිතල පහසුකම්වල තිබෙන අඩු පාඩු මේ වසර අවසානයට පෙර නිස ලෙස සොයා බලා හරි වැඩ පිළිවලක් ක්‍රියාත්මක කලොත් ලබන වසරේ අය වැය ප්‍රතිපාදන නිසි ලෙස යොදවා කටයුතු කළ හැකියි.

ඒ සදහා මා මේ දිනවල ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ගොස් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡාකර අවශ්‍ය තොරතුරු ලබාගන සැලසුම් සකස්කරමින් සිටිනවා.

රටේ ග්‍රාමිය ප්‍රදේශවල පාසල්වල දරුවන් රැදෙන්නෙ නැත්තෙ, දෙමාපියන් එම පාසල් වලට අකමැති , එම පාසල් වල තිබෙන අඩු පාඩු නිසයි. අපි මේ සදහා විසදුම් ලබාදෙනවා.

පාසල් නිවාඩු කාලයේ දරුවන්ට පෝෂණිය ආහාර වේලක් මිට පෙර ලබාදි නැහැ. දරුවන්ගේ අනාගතය දෙස දුර දක්නා නුවණින් බලා නිර්මාණාත්මකව කටයුතු කර පාසල් නිවාඩු කාලයේදිත් දරුවන්ට පෝෂණිය ආහාර මල්ලක් දිමට මා කටයුතු කළා.

පාසල් නිවාඩුකාලෙ දරුවන්ට පෝෂණ මල්ලක් ගෙදරටම ගෙනත් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ පියල් නිශාන්තයි.

දරුවන්ට අහිමිවූ බොහෝදේ ලබාදිමට අපට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපනය පමණක් නෙමෙයි දරුවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන්ද කටයුතු කළයුතු වෙනවා.

ඉදිරියේදිත් මේ දරුවන්ට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් මේ සදහා වෙන් කළා. මේ වසරට වෙන්කළ සියළු මුදල් ජනතාව වෙනුවෙන් ලබාදීමට මා තීරණය කළා.වෙනත් දේවල් සදහා එකතුකළ මුදල් පවා මේ සදහා වෙන්කර කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් තිස්අටදහස් හයසිය හැටදෙදෙනෙකුට මේ පොෂණ මල්ල ලබා දෙනවා.

සැම රජයක්ම නිසි අවධානයක් යොමු නොකර තිබු රටේ පෙර පාසල් පද්ධතිය පිළිබදව අප සොයා බලමින් සිටිනවා. අපේ රටේ පෙරපාසල් සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. ඒ වගකිම මගේ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා.

මේවායේ තිබෙන අඩු පාඩු සකසා විසදුම් ලබා දෙනවා.මේක බින්දුවේ සිටම සකස් කළයුතු තැනට පත්ව තිබෙනවා. නමුත් අපි ඒ වගකීම අරගන එම කටයුත්ත ආරම්භ කරනවා.

කෝවිඩ් වැළදිලා ලෝකයේ දියුණු රටවල විශාලපිරිසක් මිය යද්දි අපේ රටේ ජනතාව ඒ තත්වයට පත් නොවිමට එක හේතුවක් අපේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිය බව තහවුරුවෙලා තියෙනවා. අතිතයේ අපේ දෙමාපියන් දේශීය ආහාර , අල බතල, කොල කැද ලබාදුන්නා. ඒ තුළින් ප්‍රතිශක්තිය ඇතිවෙලා තියෙනවා.

නමුත් අද අපේ දරුවන්ට ඒ තත්වය නැතිවෙලා ගිහිල්ලා. එම නිසා දරුවන්ගේ පෝෂණය නගා සිටුවිමට මෙම පෝෂණ මල්ල ලබාදිමට කටයුතු කළා ඊට අමතර මතුගම අධ්‍යාපන කළාපයේ දරුවන්ගේ දෙමාපියන්ට දේශීය ගොවිතැනට ආධාර කිරිම ආරම්භ කළා.

දරුවන්ට සතියකට වරක් කොළකැද විදුරුවක් ලබාදීමට වැඩ පිළිවල සකස්කර තිබෙනවා. මේ ආකාරයට අපේ අනාගත පරපුර දැනුමෙන් මෙන්ම පෝෂණයෙන් පිරි පරපුරක් කර ගැනීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නවා.

ඡායාරූප සහ සටහන – මිගහතැන්න සමුහ

Similar Posts