lankabank

වර්තමානය වන විට මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් ලංකා බැංකුවේ ‘ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන අංශයේ (BRR)‘ මෙහෙයුම් කටයුතු කලාපීය වශයෙන් රටම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. මේ වෙනුවෙන් කලාපීය වශයෙන් ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක විවෘත කිරීම සඳහා ලංකා බැංකුව කටයුතු කරමින් සිටී.

ඊට සමගාමීව නුගේගොඩ, අනුරාධපුර, මහනුවර, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අදාළ කලාප කාර්යාල විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සව ලංකා බැංකුවේ අතිරේක මහා කළමානාකරු රසල් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර, එම උත්සව සඳහා නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක) එම්.ආර්.එන්. රෝහණ කුමාර හා සහකාර මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක) එන්. ක්‍රිෂ්ණකුමාර් යන මහත්වරුන්, අදාළ පළාත් සහකාර සමාන්‍යාධිකාරිවරුන් සහ ලංකා බැංකුවේ අනෙකුත් නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.

Similar Posts