wahana

වාහන ආනයන සඳහා පනවා ඇති සීමා ඉදිරියේ දී ආර්ථිකය ශක්තිමත් වූ පසු ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් වාහන සඳහා ආනයන සීමා පනවා තිබුණ ද වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පනවා නොමැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ඉදිරියේදී නැවතත් ආර්ථිකය ශක්තිමත් වුණාට පස්සේ අපි පනවලා තියෙන සීමා ලිහිල් කරන්නත් බලපොරොත්තු වෙනවා.

 

customs of sri lanka

Similar Posts