imf

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබේ. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ පැවති මෙම සාකච්ඡාව සාර්ථක වී ඇති බවටද වැඩිදුරටත් වාර්තා වෙයි.

Similar Posts