එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ.

මෙ‌සේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය.

සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ  සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය.

බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන ගොස් ඔහුගේ හිමිකරු වෙත ආපසු ගෙන එන ලදි.

සාෂාගේ හිමිකරු වන වික්ටර් උසොව් පැවසුවේ මීට වසර පහකට පෙර තම සුරතලා අතුරුදහන් වී ඇති බවට මුලින් වාර්තා කළ බවත් නැවත ඔහුව දැකීමේ බලාපොරොත්තුව නැති වූ බවත්ය.

“මට එය විශ්වාස කළ නොහැකි විය,” ඔහු සත්ව නවාතැනට ගිය විට පැවසීය. “අපි හිතුවේ නරකම දේ. නමුත් අපට ඇමතුම ලැබුණු විට සාෂා ජීවතුන් අතර සිටීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.” යයි පවසයි.

සැන්ටා ෆේ වෙත බළලා ගිය  ආකාරය පිළිබඳ තොරතුරු නොදන්නා නමුත් උසොව් මහතා විශ්වාස කරන්නේ ඔහුගේ මිත්‍රශීලී සුරතලා යමෙකු සමඟ “ගමනක්” ගිය බවය.

“මම හිතන්නේ මට හිතන්න ඕන ඔහු විශිෂ්ට ඇමරිකානු වික්‍රමාන්විතයෙක් කියලා

සැන්ටා ෆේ නවාතැනේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු වන මුරඩ් කිර්ඩාර් පැවසුවේ සුරතල් සතුන් මයික්‍රොචිපිං කිරීමේ වැදගත්කම මෙම කතාවෙන් ඉස්මතු වන බවයි.

“සහල් ධාන්‍යයක ප්‍රමාණයෙන් හා සුරතලාගේ සමට යටින් සවි කර ඇති සරල මයික්‍රොචිපයක්, අතුරුදහන් වූ මෙම බළලාගේ භාරකරු සොයා ගැනීමට අපට උපකාරී විය,” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Similar Posts