corona

ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත.

මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය.

ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හමුවූ රටවල් ගණන 17ක් දක්වා ඉහළ ගොස් ඇත.

එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව, බෙල්ජියම ඇතුළු මෙම රටවල් අතරට එක් වූ නවතම රට ස්පාඤ්ඤය යි.

මින් හමුවූ ආසාදිතයා කිසිදු රටකට සංචාරය සඳහා ගොස් නැති අතර කිසිදු විදේශිකයකු ද හමුවී නැත.

කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්.

මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් වැඩිදුරටත් මෙසේ පවසයි

වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පැවැත්ම රඳවා ගනිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ.

කොවිඩ් 19 වසංගතයට අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි.

මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.” යැයි මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් සිය අදහස ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලුටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය.

 

Similar Posts