gas

හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත.

මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් පවසනුයේ ගෑස් නොමැතිවිම මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එම තත්වයන් මත 20, 21යන දෙදිනද ගෑස් ලබා ගැනිම සදහා පාන්දර 4.00 සිට පොලිමේ රැදි සිට ගෑස් නොමැති විමෙන් නිවෙස් වෙත ගිය බවත්ය.

ඊයේ දිනයේද (22) ගෑස් ලොරි පැමිනෙනු ඇතුයි අපේක්ෂාවෙන් පාන්දර 4.00 සිට මෙසේ පොලිමේ රැදි සිටින බවත් ඔවුන් පවසන ලදි.
මෙම තත්වයන් මත තමන් මේ වන විට ඉතාමත් අසරන තත්වයන්ට පත්ව ඇති බවද ඔවුන් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts