nsb-parisaraya

රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් පවත්වනු ලබන සමාජ සත්කාර වැඩ සටහන යටතේ මෙම වර්ෂය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සලසා දිම සදහා ශ්‍රිපාද මාර්ගයේ කොටසක් ශ්‍රමදානයක් මගින් සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගත් බව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සහකාර සමන්‍යධිකාරි මෙහෙයුම් මධ්‍යම හා වයඹ උදුලාඩිද සිල්වා මහත්මිය පවස ලදි.

උදුලාඩිද සිල්වා මහත්මිය මේ බව පවසන ලද්දේ 04වන දින ශ්‍රිපාද මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා කොටස  සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩ සටහන ආරම්භ කරමිනි.

එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු උදුලාඩි සිල්වා මහත්මිය ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩ සටහන යටතේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා ශ්‍රිපාද මාර්ගය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයක් පැවැත්විමට තිරණ කලේ මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භ කිරිමත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනා කරුවන්ගේ ගමන් පහසුව සදහායි.

ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සහකාර කළමණාකාරිනි මෙහෙයුම් මධ්‍යම හා වයඹ උදුලාඩි සිල්වා මහත්මියගේ හා එම බැංකුවේ මධ්‍යම ප්‍රාදේශීය කළමණාකාරිනි ගිතානි හපුආරච්චි මහත්මිගේ උපදෙස් මත පරිසරය සුරකිමු ජිවය රකිමු යන තේමාව යටතේ මෙම ශ්‍රමදානය ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ ගිනිගත්හේන ශාඛාව මගින් සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ මධ්‍යම ප්‍රාදේශීයට අයත් බැංකු ශාඛා 34ක කලමණාකරුවන් නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 150 දෙනකු පමන සහාභාගි විය.

මෙම ශ්‍රමදානය ආරම්භ කිරිමට පෙර එම පිරිස රජයට රටට හා ජනතාවට සෙත් පතා මාඋස්සාකැලේ සමන් දේවාලයේදි වීශේෂ පුජාවක්ද පවත්වන ලදි.

ශ්‍රිපාද මාර්ගයේ වෙලද සැල් නවිකරනය කරමින් සිටින අයුරු

මෙවර (2021-2022) ශ්‍රිපාද වන්දනා සමය මේ මස 18වන දිනෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි තම වෙලද කටයුතු කර ගෙන යාම සදහා නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙලද සැල් නවිකරනය කරමින් සිටින අයුරු මේ වන විට දැක ගත හැක.

කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසර දෙකක කාලයක් නිසි ලෙස ශ්‍රිපාද වන්දනා සමය ක්‍රියාත්මක නෙවුන අතර මෙවර ශ්‍රිපාද වන්දනා සමය හෝ නිසි ලෙස පවත්වාගෙන යාමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බව එම වෙලද සැල් නවිකරන කිරිමේ කටයුතුවල යෙදි සිටින කිප දෙනකුම පවසන ලදි.

එම කිප දෙනා වැඩි දුරටත් පවසන ලද්දේ කොවිඩ් හේතුවෙන් පසු ගිය වසර දෙකක කාලය තුල ශ්‍රිපාද වන්දනාවන් සදහා විශාල පිරිසක් නොපැමිනි බවත් එම තත්වයන් මත තම වෙලද කටයුතුද සදහාද දැඩි බල පැමකට ලක්වු බවත්ය.

එහෙත් මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 18වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන බවත් මෙවර වන්දනා සමය හෝ නිසි ලෙස පවත්වාගෙන යාමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවත් එම අපේක්ෂාවන් මත තම වෙලද ස්ථාන මෙසේ නවිකරනය කිරිමේ කටයුතු ආරම්භ කිරිමට පියවර ගත් බවද එම පිරිස තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts