සමාජ මාධ්‍ය ජාලා තහනමට ලක්ව සිටින හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නවතම සමාජ ජාලා යෙදවුමක් හදුන්වා දුන්නා.

ටෘෘත් සෝෂල් (truth social) ලෙස නම්කර ඇති මෙම යෙදවුම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් සමාජ මාධ්‍ය ජාලයක්. නව යෙදවුම දැනට භාවිතයේ ඇති ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සමාන බවයි සමාජ මාධ්‍ය ජාලා විශ්ලේෂකයින් පවසන්නේ.

කෙසේ වුවද එහි ගිණුමක් නිර්මාණය කිරීමේදී අපහසුතාවන් පවතින බව පරිශීලකයින් පෙන්වා දෙනවා. මාර්තු මාසයේ අග වනවිට සියලු ගැටලු නිරාකරණය කිරීමට සමත්වනු ඇති බවටයි නිර්මාණකරුවන් සදහන් කරන්නේ. පසුගිය වසරේ දී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර්, ෆේස්බුක් හා යූටියුබ් ගිණුම් අත්හිටුවීමට එම සමාගම් පියවර ගත්තා.

Similar Posts