arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය.

එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික සම්බන්ධතා ද ඔවුන් නිදහස් කිරීමට හේතු සාධක විය.

මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනා මත අදාළ ලාංකික ධීවරයන් 7 දෙනා රැගත් තුෂාන් පුතා යාත්‍රාව මියන්මාර අත්අඩංගුවට පත් වූයේ, පසුගිය 2021 වසරේදීය.

අත්අඩංගුවට පත් යාත්‍රාවේ නායකයාට වසර 7 ක සිර දඬුවමක් නියම වූ අතර කාර්ය මණ්ඩලයට නියම වූ සිර දඬුවම් කාලය වසර 5කි.

පී.සී.ආර් පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු මියන්මාර් රජය සමග සම්බන්ධීකරණයෙන් මෙම ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනා මාර්තු 06 වෙනි දින ශ්‍රී ලංකාවට ගේනවා ගැනීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Similar Posts