gotabaya

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කරන බවත් දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවැති සම්මන්ත්‍රණ මාලාවේදී ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.

ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජනාධිපති අපේක්ෂා කරන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය ශක්තිය දෙමින් ජාතික වැඩපිළිවෙළ විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව එම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීහු මෙහිදී කියා සිටියහ.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිතන බවත් . එසේ වුව ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බව රැස්ව සිටි පිරිස සඳහන් කළහ.

කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහාය ලබාදීමට සූදානම් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පැවසූහ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විද්වත්හු, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව ද අවධාරණය කළහ.

Similar Posts