humanrightwatch

මෙරට මානව හිමිකම් පිළිබඳව අවධානය යොමු කරන කණ්ඩායම්වලට විදෙස් ආධාර ලබාදීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා රජය වින්දිතයින්ට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට මෙන්ම කණ්ඩායම්වලට දිගින් දිගටම හිරිහැර හා තර්ජනය කිරීම් සිදු කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ , මෙරට බුද්ධි අංශය සහ හමුදාව සිවිල් සමාජ සංවිධානවල කටයුතුවලට මැදිහත් වන බවය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු ආරක්ෂක නිලධාරීන් මෙරට මානව හිමිකම් සංවිධානවල කාර්යාල වෙත නිරන්තරයෙන් පැමිණෙන අදාළ වාර්තාවේ සඳහන් ය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බොහෝ සිරකරුවන් වසර ගණනාවක් පුරා නඩු විභාගයට පෙර රැඳවුම් භාරයේ සිටින බවය.

මාධ්‍යවේදීන් රඳවාගෙන ප්‍රශ්න කිරීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රජය විසින් යටපත් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

කොවිඩ් වසංගතයට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම වැළැක්වීම සඳහා රජය විසින් රෙගුලාසි හඳුන්වා දී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් ය.

කොවිඩ් 19 මැඩපැවැත්වීම සඳහා දරුණු ක්‍රියාමාර්ග සහ අනිසි ලෙස මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එරෙහිව සිදු කළ විවිධ ක්‍රියාවන් හේතුවෙන් සිදු වූ නීති විරෝධී මරණ කිහිපයකට පොලිසිය සම්බන්ධ වී ඇති බව වාර්තාව අවධාරණය කරයි.

Similar Posts