manawa

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කර ගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේ ජනවාරි මස 21 වැනිදා එම කොමිසම පත් කරනු ලැබුවේ ය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, එහි පළමු වාර්තාව පසුගිය වසරේ ජූලි ජනාධිපතිතුමා වෙත භාර දුන් බවයි.

එම කොමිසමේ සභාපති ලබන ජූනි මාසය වනවිට අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.

Similar Posts