rajja

“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා  පසු ගිය දා මතුගමදි  කීවෙිය.

මතුගම පැවති උත්සවයකින් අනතුරුව  ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ ක‍ළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා.

අවුරුදු පහෙන් පහට තම ජයග්‍රහණ   සදහා මෙය යොදා ගත්තා. මෙයට විරෝධය දක්වමින් මෙම ක්‍රමවේදය නතර කිරිම සදහා රාජ්‍ය සම්පත් අවභාවිතයට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුම් දුන්නා.

තම පවුලේ සාමාජිකයින් රජයේ තනතුරුවලට යොදන්නෙ නැහැ කියන පොරොන්දුව ජනතාවට  ලබාදි මේ රජය බලය ගත්තා.  නමුත් නැවත පලාත් සභා මැතිවරණයක් පිළිබද කතා බහ වෙන මේ මොහොහොතේ යළිත් රාජ්‍ය නිළධාරින් තමන්ගේ  දේශපාලන අවශ්‍යතා සදහා යොදා ගැනිම කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

කාන්තාවන්ගේ  හා රාජ්‍ය නිළධාරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින මැති ඇමතිවරුන් රජයේ නිළධාරින්ට  බලපෑම්  සිදුරකරමින්  සිටින බවට  තොරතුරු ලැබි තිබෙනවා. මේ පිළිබද රජයේ නිළධාරිණියන් තම අප්‍රසාදය හා නොකැමැත්ත පළකර තිබෙනවා.

මේ පිළිබද ගරු ජනාධිපතිතුමා , රජය කරවන බලධරයන් සොයා බැලිය යුතුයි. මොකද මේක ඉතාම නරක පුර්වාදර්ශ සපයනවා.රජයේ මැති ඇමතිවරුන්ම මේ ආකාරයට කාන්තා නිළධාරින්ට බලපෑම් කරමින්,ඔවුන් අසරණ කරනවා නම් එතනම කාන්තා හිංසනයක් සිදුවෙනවා.

මෙහෙම බලනවිට කාන්තා හිංසනය කරන්නෙ ඒ ගැන කතා කරන රජයේම මැති ඇමතිවරුන්විම ඉතාම අවාසනාවන්න තත්වයක් වෙලා තියෙනවා. මොවුන් නියමින් හා  අනියමින් රජයේ නිළධාරින් දේශපාලනිකරණයට යොදාගන තියෙනවා. තමාගෙන් පසු තම පුතා, බිරිද, හෝ තම ඥාතියා දේශපාලනයට ගෙනඒමේ සුපුරුදු යාන්ත්‍රණයට රජයේ නිළධාරිනියන් , රාජ්‍ය සම්පත් වක්‍රාකාරව යොදා ගනිමින් තියෙනවා.

මේ වෙනුවෙන් රජයේ ඉහළ නිළධාරින්  අවශ්‍ය කටයුතු නොකරන්නේ නම්  ඊට එරෙහිව  අවශ්‍ය කටයුතු කරන්නට අප පසු බට නොවන බවද සිහිපත් කළ යුතුයි. රජයේ නිළධාරින් මේ ආකාරයට අසරණ වෙලා සිටිනවා නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වගේ ඔවුන්ගේ ඉහළ පාලන අධිකාරිය මෙි පිළිබද සොයා බලා අවශ්‍ය කටයුතු  සිදු කළ යුතුයි.

මේ ආකාරයට ඉදිරියේදි දිගින් දිගටම තමන්ගේ සේවා නිදහසට නියමයෙන් හෝ අනියමෙන් බලපෑම් එනවා නම්  තමාගෙන් ධුර කාලයෙන් ඉක්මණින්  සමු ගන්නා අවාසනාවන්ත තත්වයන් පවා ඇතිවිය හැකි බව එම නිළධාරිණියන් ප්‍රකාශකර තිබෙනවා.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts