මේ වසරේ නිමාවත් සමග විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරුවේ  ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට මෙම වලයාකාර සූර්යග්‍රහණය සමමිතිකව නිරීක්ෂණය කළ හැකි වේ.

සූර්යග්‍රහණ අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර ඒ සදහා විශේෂිත සූර්ය පෙරහන් සහිත කණ්ණාඩි නොම්බර 14 කණ්ණාඩි, කඩදාසියක සිදුරක් සාදා එමගින් ලැබෙන ඡායාව සුදු තිරයක් මත ප්‍රක්ෂේපණය කිරීමෙන් හෝ ජල බේසමක් ආධාරයෙන් නිරීක්ෂණය කළ යුතු වේ.

එක එල්ලේ පියවි ඇසින් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමෙන් ඇස් වලට හානි සිදුවිය හැකි බව ආතර් සී ක්ලාක් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගින් මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය සදහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පර්යේෂණ මට්ටමින් කදවුරු පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර ඒවා මන්නාරම, වවුනියාව, යාපනය වැනි නගර කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.

Similar Posts