law

ඉන්ධන හිඟය සහ එමඟින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ මොහොතේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලඥයින් භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මඟින් බලපෑම් එල්ල වී ඇති අතර රජය විසින් නිසි කළට නිවැරදි සහ විශ්වාසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳ දැඩි කනස්සල්ල පළකරන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

Similar Posts