sumanthiran

කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙන්නේ මෙම භාවිතය අලුත් දෙයක් නොව බවත් 1990 සිට අවම වශයෙන් උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස අධි ආරක්ෂිත කලාප ලෙස සීමා පනවා ඇති බවත්ය .

ද මොර්නිං පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දී ඇත්තේ මීට දින දෙකකට පෙර කොළඹදී ප්‍රකාශයට පත් කරන ලද අධි ආරක්ෂිත කලාපය ගැන ජනතාව කැලඹී සිටියද, 1990 සිට උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල එවැනි කලාප පනවා තිබූ බවත්, දෙමළ ජාතික සන්ධානය 2003 දී උසාවියේ දී එය අභියෝගයට ලක් කළ බවත්ය. එම නඩුව තවමත් විභාග වෙමින් පවතී.

Similar Posts