china-srilanka

චීනය විසින් ශ්‍රී ලංකාවට RMB 200 (ඩොලර් මිලියන 31) ක “හදිසි මානුෂීය ආධාරයක්” ලබා දීමට පොරොන්දු වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) ශ්‍රී ලංකාවට RMB මිලියන 200 ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි.

ඒ සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ ටොන් 2000, ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සමඟ සහල් ටොන් 5,000ක් ඇතුළත් වනවා.

තවද, යුනාන් පළාත විසින් ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (21) විදේශ අමාත්‍යාංශයේ දී චීන තානාපති Qi Zhenhong හමුවූ අවස්ථාවේදී මෙම ආධාර ප්‍රකාශයට පත් කළ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Similar Posts