fakenews

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට හෙලිය හැකි බව සිටිසන් ෆැක්ට් චෙක්හි  සහාය සංස්කාරක මනෙෂ්කා බොර්ම් මහත්මිය පවසයි.

ඇය පවසන්නේ මේ දුෂ් තොරතුරු මේ වන විට සීඝ්‍රයෙන් වැඩි වීමක් / ව්‍යාප්ත වීමක් පවතින බවත් එකම දේ විවිධ අයුරින් සංසරණය වන බවත්ය. නිදසුනක් ලෙස අයි.ඩි. එච් රෝහලෙන් ලබා දුන් බෙහෙත් වට්ටෝරු කියා එක්තරා බෙහෙත් වල නම් සඳහන් වන බවත් සැබවින්ම රෝහලෙන් එවැනි වට්ටෝරුවක් ලබා දී නොමැති බවද ඇය පෙන්වා දෙයි.

එමෙන්ම මේ ආකාරයටම පොලිසියේ ලාංජනය භාවිතා කර පොලිසියෙන් උපදෙස් කියා බෙහෙත් වට්ටෝරුවක් පහුගිය දිනවල දකින්නට ලැබුණද සැබවින්ම පොලිසියෙන් එවන් දෙයක් නිකුත් කර නොමැති බවද ඇය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ඇතැම් විට මේ සංසරණය වන දුෂ් තොරතුරු තම ආයතනයටද පාලනය කර ගැනීමට නොහැකි තරම් පවතින බවය.

එසේම මේ අවස්ථාවේ මේ දුෂ් තොරතුරු දේශපාලන මඩ ගැසීම් වලට, අනුන්ගේ තොරතුරු ලබා ගැනීමට තැත් කිරිමට ආදියද යොදා ගන්නා බව නිරීක්ෂණය වී ඇති බව මනේෂ්කා බෝරම් මහත්මිය පවසයි.

නිදසුනක් ලෙස විවාහ මංගල්‍ය පැවැත්වීම තහනම් කර තිබු දිනවල තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සහභාගි වු විවාහ මංගල්‍යයක් ගැන, යුද්ධ හමුදාපතිවරයා සහභාගි වු විවාහ මංගල්‍යයක් ගැන ඡායාරූප පළ කරමින් පෝස්ටු සංසරණය වු බවත් ඒ් ගැන සොයා බැලිමේදි හෙළි වී ඇත්‌තේ ඒ් විවාහ මංගල්‍ය සීමා කිරීමට ප්‍රථම පැවති විවාහ මංගල්‍යයක ඡ්‍යාරූප බවත් ඇය පෙන්වා දෙයි.

එමෙන්ම අප අසවල් ආයතනයෙන්, ඔබට එන්න්ත් ලබා ගැනීමට ඇවැසි නම් මේ අයදුම්පත පුරවා එවන්න යනුවෙන් පත්‍රිකා නිර්මාණය කර ව්‍යාජ අයුරින් තවකෙකුගේ තොරතුරු ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාද නිරීන්ෂණය වු බව ඇය කියයි.

මේ අතර මේ දුෂ් තොරතුරු ආණ්ඩුව පැත්තෙන්ද සිදු වෙන බව පෙන්වා දෙන ඇය පවසන්නේ පහුගිය දිනෙක කැබිනට් මණ්ඩල සාකච්ඡාවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ එන්නත් පිලිබඳ කථාවය. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ එන්නත් වර්ග දෙකකින් ගත්තාට ගැටලුවක් නොවන බවය. නමුත් එයද දුෂ් තොරතුරක් බව ඇය කියා සිටියි.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (20) දින සූම් තාක්ෂණය ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කරන ලද වසංගතයෙන් වසන් වෙන තොරතුරු සංවාදශිලි කථිකාවතට එක් වෙමිනි.

මේ කථිකාවතට  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන. මනෝ වෛද්‍ය හසංගි සෝමදාස, වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් , මාධ්‍යවේදීනි  යොෂිතා පෙරේරා ද එක් වු අතර මෙහෙය වීම නීතිඥ දුලාන් දසනායක විසින් සිදු කරන ලදි.

Similar Posts