ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි.

ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර 18 ක ඉතිහාසයේ පළමු වරට දෛනික ෆේස්බුක් සක්‍රිය පරිශීලකයින් පහත වැටීමයි. මේ හේතුවෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 31 කින් පහත වැටී තිබෙනවා.

Similar Posts