yala

යාල වනෝද්‍යානය පිහිටි ප්‍රදේශය පුරා  මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින අධික වියලි කාල ගුණික තත්වය නිසා යාල වනෝධ්‍යානය තුළ පිහිටි දිය කඩිති බොහොමයක් මේ වන විට සිදී ගොස් තිබේ.

දිය කඩිති සිදී යාමත් සමඟ යාල වනෝධ්‍යානයේ වන සතුන් මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.යාල වනෝද්‍යානය සතු ජල බවුසර් මගින් සිදී ගිය දිය කඩිති පිහිටි ස්ථාන වලට ජලය සැපයීම වනජීවී නිළධාරීන් විසින් මේ වන විට ආරම්භ කොට තිබේ. ඔවුන්ට සහාය වීම සදහා යාල සෆාරි රියදුරන්ද ජල බවුසර් කිහිපයක් යොදවා යාල වනෝදයානය පුරා සිදී ගිය දිය කඩිති වලට ජලය පුරවමින් සිටිති.

යාල වනෝද්‍යානය තුළින් වාර්ෂිකව සංචාරකයින් ගෙන් විශාල ආදායමක් වනජීවී දෙපරේතමෙන්තුව උපයා ගත්තද වියලි කාලගුණික කාල වලදී යාල වනෝද්‍යානයට ප්‍රමාණවත් තරම් ජලය සැපයීම සදහා අවශ්‍ය පහසු කම් ලබා දීමට වනජීවී දෙපාර්තමෙන්තුව සමත් වී නොමැත. ප්‍රමාණවත් තරම් ජල බවුසර් නොමැති වීම නිසා යාල වනෝද්‍යානයේ වනජීවීනිළධාරීන්ද මේ වන විට යම් අපහසුතාවයකට මුහුණ දී තිබේ.

ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇති යාල වනෝද්‍යානයට මීට වඩා වැඩි අවධානයක් අදාළ බලධාරීන් විසින් යෙදවීම අත්‍යාවශ්‍ය වී තිබේ.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts