soysa

ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය.

එලෙස නිසි ලෙස යාවත්තාලීන නොවන වෙබ් අඩවි බොහෝමයක් අතරින් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විශේෂිත ලෙස හඳුනා ගැනුණු අතර දුම්රිය වෙබ් අඩවියේ ඇති කාලසටහනකට අනුව ගමන් යන්නට බලා සිටින දේශීය විදේශීය සංචාරකයන් අපහසුතාවයට පත් වූ අවස්ථා බොහෝ බවට හෙළි වී ඇත.

මොහොතින් මොහොත වෙනස්වන ලෝකයේ ආයතනික මට්ටමින් ජනතාව අතර යා යුතු තොරතුරු අලුත් සහ වේගවත් නොවී එක තැන පල්වන තත්ත්වයක් ලංකාවේ රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල දක්නට ලැබෙයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා ප්‍රකාශ කර සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු වෙබ් අඩවිය ඉතා පැරණි වෙබ් අඩවියක් බවත් එහි රහස් අංකය අස්ථානගතවීම නිසා වෙබ් අඩවිය යාවත්තාලින කිරීමට නොහැකි බවයි.

lankadeepa

Similar Posts