eliyanthe-white
එලියන්ත වයිට් සුරළොව ගිහිං කියලා ආරංචියි. මටනම් හිතෙන්නේ මිනිහා යන්න ඇත්තෙ කොවිඩ් නිසා එහෙ ගිය අය ආයෙත් මෙහේ එක්කරගෙන එන්න වෙන්න ඇති. කාලයක් රාජකීය වෙදා. ලොව පරසිදු ක්රීඩකයන් යතාවත් කළ ඉසිවරයා. ගොඩක් අය කිව්වේ මිනිහා රස සංයෝග කාරයෙක් කියලා. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.
කාය ශක්තිය වඩවන්න බැහැපු අවයව කෙළින් කරන්න පුලුවන් පාරම්පරික ඔසු වගේම නවීන විද්යාවෙන් නිපන් ඔසුත් තියෙනවා. ඒවා බොනවා කියන්නේ අතුරේ යනවා වගේ තමයි. බැහැපු එකක් කෙළින් කරන්න තෙල් සාත්තුවකට පුලුවන් උනාට ලේ අස්සේ දුවලා පෙනහළු ඇතුලේ සැඟවෙලා ගේම ගහන කොවිඩ් වගේ වෛරසයක් එහෙම තෙල් සාත්තුවකින් බේරගන්න හරි අමාරුයි. කොටින්ම බෑ.
සාදික්කා පැණිය බීවාම ටිකක් මත් වෙනවා. කික් එකක් එනවා. හැබැයි ඒ කික් එකට බෑ නිව්මෝනියාව සුව කරන්න. මාලිගේ දණිස් අමාරුව සුවකරපු බෙහෙතෙන් අපිට කොවිඩ් සුව කරන්නත් පුලුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක් නෙවෙයි පිස්සුවක්. ඒ පිස්සුවට යන්න පුලුවන් උපරිම දුර තමයි මේක.
තමන් අනුදත් රස විද්යාව හෝ කුණ්ඩලනීය ශක්තිය හෝ විශ්වාස කරලා ඔහු කොවිඩ් තමන්ට හැදෙන එකක් නෑ කියලා හිතන්න ඇති. නොහැදෙන්න තමන්ගේ රස විද්යාව අස්සේ බෙහෙත් කරගන්නත් ඇති. ඉතිං ඒ විශ්වාසයට යන්න පුලුවන් උපරීම දුර තමයි මේක.
ලංකාවත් හරියට එලියන්ත වගේ. දැන් ලංකාව කියන්නේ 69 ලක්ෂයේ විශ්වාස පද්ධතියට.
ඒ විශ්වාස පද්ධතිය තමයි මුට්ටි ගඟට දැම්මේ. කෑගල්ලේ පෝලිමේ හිටියේ. කැළණියෙන් මතුවුන නයා කියපු විදිහට ගෝඨාභයව බලයට ගෙනාවෙ. ඒ විශ්වාස පද්ධතිය තමයි එන්නත ගේන එක පරක්කු කළේ.. ඒ හින්දා මිනිස්සු 8438ක් මැරුණා. ඒකත් හරියට දෙවියෝ ලෙඩ සුවකරන කන් බලා හිඳලා අසනීප දරුවා මරා ගත්තා වගේ..
කැළණියේ නයා කියපු නිසා ගෝඨාභය ගේනකොට ඒ විශ්වාස පද්ධතිය විශ්වාස කළේ තමන් රසදිය රත්තරං වලට හැරෙව්වා කියලා. එලියන්ත වගේම ඒ විශ්වාස පද්ධතිය විශ්වාස කළේ නෑ රසදිය වාෂ්පය මරාන්තික විෂක් කියලා. ඒනිසාම එලියන්තට උන දේ ලංකාවට වැඩි ඈතක නෑ.. සුබ ගමන්.. !!
ගියාට කමක්නෑ එහේ ඉන්න හාදයෝ මෙහේ එවනවා කියලා රස විද්යාව කරන්න ලැස්තිවෙන්න එපා..!!

Similar Posts