daruwa

දස හැවිරිදි පිරිමි දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වෙයි.

බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා(9) සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම නිවෙසේ කාමරයක් තුළ ඇඳක් මත වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවකු මියගොස් ඇති බවට අනාවරණය කර ගෙන තිබේ.

එම දරුවා පසුගිය 7දා උදෑසන උගුරේ සෙම සිරවීමක් නිසා අසනීප වී ඇති අතර, එම අසනීපය සුව කර ගැනීම සඳහා ඔහුගේ මව්පියන් විසින් ඔවුන් විශ්වාස කරන ආගමට අනුව යාඥා කිරීම් කර ඇත.

එම යාච්ඤා කරන අතර තුර දරුවා මියගොස් තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

Similar Posts