coronadeath

ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම නිසා ඉදිරියේදිත් කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයින්  හා කොවිඩ් මරණ ගණන ඉහළ යා හැකි යැයි”, කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් අනතුරු අගවති. ඉදිරි දිනවල රට වසා දැමීමක් සිදුවේ යැයි අනියත බියක් ඇති කරගනිමින්  කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පාරිභෝගිකයින් නගරවල පැමිණ වෙළදසල් තුළ  විශාල ලෙස රැස්වෙමින් භාණ්ඩ මිළදි ගන්නා අයුරු දැක ගතහැකිවිය.  කොතෙක් දැනුවත් කළද අවමංගල උත්සව වල නියමත පිරිස ඉක්මවා කටයුතු කරන අවස්ථා දැකගතහැකිය.

මේ ආකා‍රයේ ජනතාවගේ වගකිම් විරහිත හැසිරිමෙන් ඉදිරියේදි කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයින් සහ මරණ ගණන තව දුරටත් ඉහළයාම අනිවාර්ය බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින්,මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් හා කොවිඩ් මර්දන ආරක්ෂක අංශ නිළධාරින්  කියති.

විශේෂයෙන්ම භාණ්ඩ මිළ ඉහළ යාමක්, පාරිභෝගික භාණ්ඩ හිගයක් ඇතිවේ යැයි, කටකතා විශ්වාස කරමින්  ඇතැම් වෙළදසල් ඉදිරිපිට පෝලිම්  ගැසෙමින් භාණ්ඩ මිළදි  ගන්නා අයුරු දැක ගතහැකිවිය. කොවිඩ නව ප්‍රභේධය  ඉතාම දරුණුලෙස මිනිස් ජිවිත බිළි ගනිමින් සිටින මොහොතක සෞඛ්‍ය  නිති රීති, උපදෙස් නොතකා  වෙළදසල් තුළ තෙරපෙන අවාසනාවන්ත තත්වයක් දැකගතහැකිවිය.

කළුතර, පානදුර, මතුගම, අළුත්ගම ආදි ප්‍රධාන නගර රැකම ඊයේ දහවල් වනවිට මේ  තත්වය දැකගතහැකිවිය. රාජ්‍ය බැංකුවල පවා අතසේදිම සදහා  ඇති පහසුකම් නිසිලෙස ක්‍රියාත්මක නැති ව නීතියෙන් බෙිරිමට නමට පමණක් ඒවා සකසා තිබෙන අයුරු දැක ගතහැකිය. ප්‍රධාන නගරවල මෙන්ම ග්‍රාමිය ප්‍රදේශවල වෙළදසල්වලද සෞඛ්‍ය  නීති රීති නොසලකා කටයුතු කරන අයුරු දැකගතහැකිය.

එළවළු, කරවල, මස් මාළු වෙළදසල්ව ල  දුර සිමා නොසලකා   භාණ්ඩ තෝරන අතර කිරි පිටි හා ගෑස් ලබා ගැනිමට විශාග තරගකාරිත්වයක් ඇති  නිසා සෞඛ්‍ය පසෙක දමා කටයුතු කිරිමෙන් ඉදිරියේදිත් කළුතර කොවිඩ් රෝගින්  හා මරණ ඉහළ යා හැකිබව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් අවධාරණය කරති.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts