අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික ආයතයක ඉදිකිරිම් කටයුතු සදහා පදිකයන් ගමන් කළ පදික වේදිකාවේ කොටසක් කඩා විනාශ කර තිබෙනා අතර එම ස්ථානයේදි  ගමන්කළ කිහිප දෙනෙකු අනතුරට ලක්වි තිබේ.

අනුරාධපුර බැංකු පෙදෙසේ පිහිටි පෞද්ගලික ආයතනයක ඉදිකිරිම් කටයුතු සිදුවෙමින් පවතින අතර ඔහුට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහිත ලොරි රථ රැගෙන ඒමට නොහැකිවීම නිසා කොන්ත්‍රාත්කරු විසින් ඉන්ටර්ලොක් ගල් අතුරා කොන්ක්‍රීට් ලෑලි අතුරා තිබු පදික මාර්ගය කඩදමා ඇති අයුරු දක්නට ලැබුණි.

කොන්ත්‍රාත්කරු හෝ වෙනත් පුද්ගලයෙකු සිය බලපුළුවන්කාරකම පෙන්වමින් ක්‍රියාව සිදුකර තිබෙනා බවත් එම ස්ථානය අනතුරු දායක බවක්වත් අගවා නැති බව නගරවාසින් පෙන්වා දුන්හ.දිනකට දහස් ගණනක් මෙම ස්ථානයෙන් ගමන් කරනා අතර මේ හේතුවෙන් පදිකයන් දැඩි පීඩාවට පත්වි සිටිති.

ප්‍රධාන මාර්ගයේ අප ජලය ගමන් කරනා කාණු පද්ධතියට උඩින් අතුරා තිබු කොන්ක්‍රීට් ලෑලි කඩාදමා කාණුවට බොරළු දමා ලොරි රථ ගමන් කළ හැකි ආකාරයට කොන්ත්‍රාත්කරු මාර්ගයක් සැකසූ අතර නගරවාසින් ඊට විරෝධය පලකිරීම නිසා පසුව ඔහු විසින් කාණු පද්ධතියට ලී කොටන්දමා ලොරි රථ ධාවනය කිරීමට හැකි ආකාරයට මාර්ගයක් සකසා ගෙන තිබේ.

මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා පදික වේදිකාවේ කාණු පද්ධතියට සවිකර තිබූ කොන්ක්‍රීට් ලෑලි වලට හා කාණුවට බරපතල අලාභ සිදුව තිබූ අතර මෙම ක්‍රියාව ඔහු විසින් කුමන බලපුළුවන්කාර කමක්මත සිදුකරේද යන්න පිළිබදව නගරවැසියන් විමතිය පලකරති.මෙම ක්‍රියාව නිසා රජය මගින් විශාල මුදලක් වැයකර ඉදිකර ඇති පදික වේදිකාවට දැඩි හානි සිදුවි ඇති බව ඔවුන් කීහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts