economic news sri lanka

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” දෙවැනි දිනය ආරම්භ කළේ අම්බලන්තොට නගරයේ ජනතාව හමුවට යමිනි.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

මහ බැංකු අධිපතිවරයා ඩොලර් මාෆියාවේ කප්පිත්තෙකු බව පැවසූ විපක්ෂ නායකතුමා ඔහු මේ රටේ සියලු පුරවැසියන් සමගත්, අපනයනකරුවන් සමගත් සෙල්ලම් කරමින් සිටින බව පැවසීය.

රටේ ආර්ථිකය විනාශ කරන්නට මුලපිරූ පුද්ගලයකු ඉල්ලා අස් වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා පොහොට්ටු ආර්ථික විනාශයේ මහ මොළකරු ඔහු බවද පැවසීය.

කෙසේ වෙතත් මේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ කිරීමේ වරදෙහි වග උත්තරකාරකමෙන් ඔවුන්ට නිදහස් වී යාමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටට මෙතරම් සාපයක් ගෙනආ මැති ඇමතිවරුන්ට ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද පැවසීය.

Similar Posts