jackfruit

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට මහ ජනතාවට බලපත් නිකුත් කරන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ ඇමති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3,000ක් පමණ දිවයින පුරා පිහිටා තිබෙන බවත් මෙම ඉඩම් සියල්ලේ ම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණු වී යන බව නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.

ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ පෝෂණ ගුණය බහුල කොස්, දෙල් වැනි ආහාර අපතේ යෑම වැළැක්විය යුතු බව ත් වන සංරක්ෂණ ඉඩම්වල ඇති කොස් පලදාව නෙළා ගැනීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් ඇමතිවරයා පැවසීය.

Similar Posts