gemassa

කෘමින් යොදා සැකසූ ආහාර පරිභෝජනය කිරීමේ රැල්ලක් රට තුළ ඇතිව ඇත. ගෝනුස්සන්, කැරපොත්තන්, පණුවන් යොදා සැකසූ කෙටි ආහාර කෑම වේල් සාධාරණ මිල ගණන්වලට අලෙවි කිරීම ආසියා රටවල ජනප්‍රියවෙමින් පවතින්නේය.

මීට පෙර මේ රැල්ල පැවතියේ නැගෙනහිර ආසියාව, ලතින් ඇමරිකාව හා අප්‍රිකා රටවල පමණකි.

ඉහත සදහන් කළ කෘමීන් වැඩි වශයෙන් තායිලන්තය ඇතුළු නැගෙනහිර ආසියා රටවල්වලින් බහුලව ආනයනය කරන අතර ඒවා යොදා සැකසූ ආහාරවල පවතින ගුණාංග, පෝෂණ ගුණය ඉස්මතු කරලීමටද මෙවැනි ආහාර අලෙවි කරන අවන්හල් හිමියෝ කටයුතු කරති.

“කෘමීන් ආහාරයට ගැනීමේදී තවමත් නව්‍ය වටිනාකමක් ඇත, නමුත් දෝෂවලින් පිරි මාංශ අනුභවයට වඩා රසවත් විකල්ප මස් මේ කෘමීන් විය හැකිය” යනුවෙන් අපෘෂ්ඨවංශීන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරා බෙයොන් පවසයි.

ඇයි කියා සිටින්නේ ප්‍රෝටීන් ඉතා බහුල මේ කෘමින් අනුභවය ශරීරයට වඩාත් හිතකර බවය.

මීට වසර හයකට පෙර මේ කීට විද්‍යාඥවරිය සහ රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු අක්කර 100 ක ගොවිපළක් පෙම්බ්‍රෝක්ෂයර්හි ශාන්ත ඩේවිඩ්ස් අසල පිහිටුවා ඇත.

ඇය සහ ඇයගේ කණ්ඩායම කෘමීන්ගේ ආහාර වර්ග රාශියක් නිෂ්පාදනය කරයි.

ඒවාට හැපෙන සුළු, ආහාරයට ගත හැකි ආහාර, පණුවන් යොදා සැකසූ කුකීස් ඇතුළු බිස්කට් වර්ගද ඇතුළත් වේ.

කෘමීන් හා ශාක පදනම් කරගත් ප්‍රෝටීනයක් වන වෙක්සෝ ද සාදයි. එය පරණ තාලේ, පරිසර හිතකාමී නොවන මස් වෙනුවට ආදේශ කිරීම යැයි ඇය සුබවාදීව කියා සිටින්නීය.

“දැන් අපි එය අපගේ ස්පැගටි ඇතුළු පාස්තා වර්ග රස ගන්වන්නට භාවිතා කරනවා, හොදින් සුදුලූනු සහ සෝයා සොස් වර්ග යොදා මේවා අප සකසනවා”ඇය පවසයි.

“මස්වලට වඩා මේ විකල්පය තුළින් ශරීරයට යන මේදය සියයට 80 කින් අඩුයි.

මේ හේතුව නිසාම දැන් දැන් එය බෙහෙවින් ජනප්‍රිය වන අතර එය මිලදී ගැනීමට අපට පොරොත්තු ලේඛනයක් ඇතැයි ඇය පවසන්නීය.

මෙම ආහාර නිෂ්පාදන දැන් දැන් පෙම්බ්‍රෝක්ෂයර් පාසල් ළමුන් ප්‍රධාන තරුණ පිරිස් අතර වඩාත් ප්‍රචලිතව පවතී.

ඔවුන් අතරේ එම අවන්හල් පිරී පවතී. 2050 වසර වන විට මේවා පෙම්බ්‍රෝක්ෂයර්බහී ප්‍රධාන ආහාර වෙනු ඇතැයි ඉඟි පළ වී ඇත.

ලෝක ආහාර අර්බුදයක් ආසන්නයේ ම සිටින බව දැන් ලෝක ආහාර සංවිධානය ම ප්‍රකාශ කර ඇත.

බත් ප්‍රධාන ආහාර වෙනුවට කෘමීන් යන්න ඔවුන්ගේ ද විකල්පයකි.

පය බරවායට පිටිකර බෙහෙත් බඳිනා අන්දමේ ප්‍රතිකර්මයක් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත.

එම සංවිධානය මේ බව මුලින්ම පැවසුවේ 2013 වසරේ ජුනි මස මුල දී ඉදිරිපත් කරන මෙම පිටු 200ක වාර්තාවකිනි.

එමගින් කියා සිටින්නේ, අනාගත ජනගහනයට ආහාර සැපයීමට කෘෂිකර්මයට කිසිදු හැකියාවක් නොමැති බව ය.

එම නිසා ලෝක ජනතාව විසින් කෘමීන් ආහාරයට ගැනීමට වහ වහාම පුරුදු විය යුතු බව එම වාර්තාව ඉදිරිපත් කළ ‘විද්වතුන්’ විසින් තරයේ නිර්දේශ කර ඇත.

ආහාරයට ගන්නා කෘමීන් වර්ග 1900ක් පමණ වන බව මෙම වාර්තාව කියයි.

දැනටමත් ලෝක ජනගහනයෙන් බිලියන 2ක් පමණ යම් යම් කෘමීන් තම ආහාරයේ කොටසක් ලෙස ගන්නා බවත්, එම නිසා ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළින් කෘමීන් වර්ධනය කොට ආහාරයට ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්තාව කියයි.

මෙම වැඩපිළිවෙළ නිසා, පරිසරයට හානි නො වන බවත්, පරිසරය රැකෙන බවත්, ජනතාවට පෝෂ්‍යජනක ආහාර ලැබෙන බවත්, කෘමීන් බෝ කිරීම හා ආහාරයට සැකසීම තුළින් නව ආදායම් මාර්ග මතු වන බවත් පෙන්නා දී ඇත.

හරිත විප්ලවය ලොවට හඳුන්වා දීමේ දී නවීන විද්‍යාඥයන් ඉදිරිපත් කළේ ද මෙවැනි තර්කයන් ය.

ලොව සියලු ආහාර අර්බුදයන්ට පිළියම් ලෙස ගෙනා එම වැඩපිළිවෙළ දැනට මුහුණ පා තිබෙන අර්බුදකාරී තත්ත්වය ඔවුන් විසින් ම පිළිගෙන ඇත. මෙය කියවන ඔබ ඇතැම් විට ‘ඕවා කවදා කෙරෙන ඒවා ද?” යයි සිතනු ඇත.

එහෙත් දැනටමත් කෘමීන්ගෙන් ආහාර සහ සත්ව ආහාර නිපදවන බව ඔබ දන්නවා ද? සත්ව ආහාර සඳහා භාවිතා වන මාළු වෙනුවට ඔබගේ නිවසේ වෙසෙන ගෙමැස්සන්ගෙන් නිපදවන සත්ව ආහාර වඩා පෝෂ්‍යජනක බවත් සොයාගෙන ඇත.

ඉතා ඉක්මනින් ඔබේ කෑම මේසයට එන බ්‍රොයිලර් කුකුල් මස් මෙලෙස කෘමි සත්වාහාර යොදා නිපදවන ඒවා වනු ඇත. සෘජු ලෙස අනුභව කළ හැකි සහ සකසන ලද ආහාර වශයෙන් කෘමි ආහාර නිපදවීමට දැනටමත් සමාගම් කටයුතු කරති.

මේ අනුව ඇතැම් සමාගම් තණකොළපෙත්තන්, කැරපොත්තන්, කුරුමිණියන්, ගෙමැස්සන් විශාල වශයෙන් ඇති කිරීමට පටන් ගෙන ඇත.

නවීන කෘෂිකර්මය තුළින් ලෝකයට ආහාර අර්බුද ඇති වන විට ඊට පිළියම් ලෙස දැන් කෘමි පරිභෝජනයට ලෝකය පෙළඹවීමට නවීන විද්‍යාඥයන් දරන වෑයම පෙන්වා දීමට ය.

ඔබ ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වූයේ නම් ඉදිරියේ දී කෘමි ආහාරවලට ද සූදානම් විය යුතු ය.

දැනටමත් ඇමරිකාවේ සහ යුරෝපයේ කෘමි ආහාර සපයන අවන්හල් ඕනෑ තරම් ඇත. තායිලන්තයේ දැනටමත් කෘමීන් ඇති කරන සමාගම් ඊට අවශ්‍ය සැපයුම් කරති.

උපුටා ගැනීමක්.

 

Similar Posts