lhub

මෙරට වාණිජ චිත්‍රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා.

යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම අධ්‍යක්ෂණය), “රජ වැඩකාරයෝ” සහ “ඔබටයි ප්‍රියේ ආදරේ” යන සිනමා නිර්මාණ දින සියය ඉක්මවූයේ අතිශය ජනාදරයට පාත්‍ර වෙමිනි.

ඔහුගේ හයවැනි චිත්‍රපටය වූ “මමයි රජා” චිත්‍රපටය ප්‍රදර්ශන කාලය දින දෙසීය ඉක්මවීය

ඔහුගේ පුතු සුදේශ් වසන්ත පීරිස් ද මේ වන සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන අතර ඔහුගේ මිණිපිරිය වන චමත්කා පීරිස් ද නව පරපුරේ නැගී එන ගායිකාවකි.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එ මහතා නිවසේ සිටිය දී මිය ගොස් ඇති බවයි.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ඇති.

Similar Posts