මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මේ වන විට වටවල, රෝසැල්ල, හැටන්, ඩෙවන්, කුයිල්වත්ත, වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් වැඩි විමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල සමහර පිරිස් පවසනුයේ සමහර පුද්ගලයන් විනෝදයට මෙන්ම එම කැලැ තුල ජිවත් වන සාවුන්,  මීමින්නන්, වැලි මුවන්, වැනි සතුන් දඩයම් කිරිමේ අරමුණ මත මෙම කැලැ ගිනි තැබිම් සිදු කරන බවත්ය.

සැම වර්ෂයකම වියළි කාලගුණික තත්වයන් පවතින කාලයන් තුලදි මෙම ප්‍රදේශයන් තුල සමහර පිරිස් මෙසේ කැලැ ගිනි තැබිම් සිදු කරන බවත්  මෙම කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විශාල පරිසර විනාශයක් සිදු වන බවද එම පිරිස් පවසති.

එමෙන්ම මෙසේ කැලැ ගිනි තැබිම් සිදු කිරිමත් සමග මෙම ප්‍රදේශයන් තුල ජල හිගයක් ඇතිවිමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙසේ කැලැ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් තව දුරටත් පවසති.

චන්ද්‍ර සෙල්ලහේවා – හැටන්

Similar Posts