වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතුවු තරුණ හෙදියකට ලිංගික අතවරයක් සිදුවන අන්දමින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබු රජයේ වෛද්‍යවරයෙකු එප්පාවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ.

අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අතවරය සමග අසැබි ක්‍රියාව සිදුකර තිබෙනා බව පවසන පොලිසිය ඔහුට එරෙහිව ලැබුණු පැමිණිලිමත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

සැකකාර වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය එප්පාවල රජයේ රෝහල ආසන්නයේම පිහිටා තිබෙන අතර රූමත් තරුණිය එම ස්ථානයේ සේවයකර තිබෙනා බව පොලිසිය පවසයි.

තරුණිය සේවය කරමින් සිටියදි වෛද්‍යවරයා ඖෂධ පිළිබදව පාඩමක් උගන්වමින් ඇගේ පාදය මිරිකා පසුව ඇස් වසාගන්නා ලෙස දන්වා තිබේ.තරුණිය දෑස් වසාගෙන සිට ස්වල්ප වේලාවකින් දෑස් විවර කරද්දි ඔහු කිසියම් ක්‍රියාවක නිරතවන අයුරු දැක බියට පත්වි ආයතනයෙන් පිටතට ගොස් තිබේ.

වෛද්‍යවරයා සිදුකළ ක්‍රියාව තරුණිය විසින් දෙමාපියන්ටත් පවසා තිබෙන අතර පසුව පොලිස්ථානයට ඒ පිළිබදව පැමිණිලි කර තිබුණි.

සැකකරු මීට පෙර අවස්ථාවකදි සිය බිරිදගේ මවට පහරදිම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවෙකි.සැකකාර වෛද්‍යවරයා ඊයේ (10දා) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.පී රෝහණ අධිකාරි මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා කාර්යංශය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර –  මහේෂ් විජේසුරිය

Similar Posts